Home Rasa Cricket ලොවක් මවිත කල වේග පන්දු යවන්නා, ලසිත් මාලිංගගේ සමු ගැනීම – Video

ලොවක් මවිත කල වේග පන්දු යවන්නා, ලසිත් මාලිංගගේ සමු ගැනීම – Video

127
0

දකුණු පලාතේ උපත ලබා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ ලසිත් මාලිංග මේ වනවිට ලොවම ජය ගෙන මව්බිමේ නාමය ලොව පුරා රැගෙන ගිය ක්‍රීඩකයෙක් බවට පත් වී හමාරයි.

පොලවට සමාන්තරව පන්දුව මුදාහැරීමේ හැකියාව නිසා ලසිත් මාලිංගගේ පන්දු වලට මුහුණදීමට බොහෝ පිතිකරුවන් අසාර්ථක වනවා. එම නිසාවෙන් ඔහු යවන යෝකර් පන්දුවත් කල් තියා හඳුනා ගැනීමට අපහසුයි .

2004 ජුලි මස 17 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඔහු එක්දින වරම් ලබාගත් අතර, එතැන් පටන් තම සුවිශේෂි පන්දු යැවීමේ ඉරියව්වෙන් ලොව පුරා නමගිය පිතිකරුවන් බෝහෝ අවස්ථාවලදී ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යැවීමට ඔහුට හැකියාව ලැබුණා.

මාලිංග තම එක් දින ක්‍රීඩා දිවියේ මේ වනවිට කඩුලු 335 ක් ලබා ගෙන ඇති අතර 32.47 ක සාමාන්‍යක් ඔහු රඳවාගෙන තිබෙනවා. තවද පන්දු හතරකදී කඩුලු හතරක් දවාගත් ලොව එකම ක්‍රීඩකයා වන්නේද ලසිත් මාලිංගයි.

ලසිත් මාලිංගගේ ජීවිතයේ තවත් සුවිශේෂී තරඟාවලියක් වන්නේ 2014 T- 20 ලෝක කුසලාන තරඟාවලියයි. නායකත්වයේ බර කරට ගෙන තම කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය කරා ගෙන යෑමට එහිදී ලසිත් මාලිංගට හැකියාව ලැබුණා. අවසානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොක කුසලානයක් එසවූ දෙවන ක්‍රීඩකයා වීමටද ඔහුට වාසනාව උදා වුණා.

ලසිත් මාලිංග ගැන කතා කරද්දී ඉන්දීය ප්‍රමියර් ලීග් තරඟාවලිය ගැන සඳහන් කරන්නට සිදුවනවා. මක්නිසාද ඉන්දීය ප්‍රිමියර් ලීග් ආරම්භයේ පටන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග බොහෝ අයි.පී.එල් තරඟ වලදී මුම්බායි කණ්ඩාවම අවසාන මොහොතේ ජයග්‍රහණය කරා ගෙන යාමට මාලිංග තම ප්‍රහාරාත්මක පන්දු යැවීමට හැකියාව ලැබුණා.2019 අයි.පී.එල් තරඟාවලියේ මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම , චෙන්නායි කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවාරයේ ජයග්‍රහණය කරා ගෙන යාමටද ඔහුට හැකියාව ලැබුණා.

ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරඟය වන්නේ බංගලාදේශයට එරේහිව 26 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟයයි. එහිදී මාලිංග තම අවසන් එක්දින තරඟය නැරඹීමට තමාට ආදරය කරන සියළුම පේක්ෂකයින්ට සුහද ආරධනාවක්ද ෆේස්බුක් හරහා ප්‍රකාශයට පත් කළා.

Lasith Malinga announcing his retirement 😥

Posted by OTC 😉 on Monday, July 22, 2019
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.