Home Gossip ලොව පැරණිතම ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස සංගක්කාර නම් කෙරේ.

ලොව පැරණිතම ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස සංගක්කාර නම් කෙරේ.

139
0

ලොව පැරණිතම ක්‍රීඩා සංගමයක් වන Marylebone Cricket Club හී සභාපති දූරය ඊයේ නිළ වශයෙන් කුමාර් සංගක්කාර විසින් හිමිකර ගනු ලැබුවා.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පුද්ගලයෙකු MCC සභාපති දූරය දරන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයක්. ඔක්තෝම්බර් 01 වනදා සිට ඉදිරි වසරක කාලයක් සංගක්කාර විසින් MCC සභපති දූරය දරනු ඇති.

1787 දී ආරම්භ කළ මෙම ක්‍රීඩා සමාජය, Lords ක්‍රීඩාපිටියට සමගාමිව කටයුතු කිරීම ආරම්භ කළේ 1814 දීයි.

2011 වසරේදී MCC හිදී සංගක්කාර විසින් ඉදිරිපත් කරනු ලැබූ විශිෂ්ඨ දේශනාවක් හරහා එම ක්‍රීඩා සමාජයත් සමඟ සමීපව කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණ අතර, 2012 දී සංගක්කාර එහි සාමාජිකත්වද හිමිකර ගනු ලැබුවා.

Lords ක්‍රීඩා පිටියේ ගෞරව නාම හිමිකර ගත් ක්‍රීඩකයෙකු ලෙස කුමාර් සංගක්කාර දෙවරක් නම් කරනු ලැබුවා.

ඒ 2014 දී එංගලන්තයට එරේහිව ටෙස්ට් තරඟයකදී එම ක්‍රීඩාංගණයේදී ලකුණු 147 ක් ලබා ගත් අවස්ථාවේදී සහ එම වසරේදීම එක්දින තරඟයකදී Lords ක්‍රීඩා පිටියේදීම ලකුණු 112 ක් ලබා ගත් අවස්ථාවේදීයි.

Marylebone Cricket Club හී හිටපු සභපතිවරයා වන Anthony Wreford විසින් මීලඟ සභාපතිවරයා ලෙස කුමර් සංගක්කාරගේ නම යෝජනා කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.