Home Tech ලොව විශාලතම වායු පිරිසිඳු කරන යන්ත්‍රය , දැකල නැත්නම් මෙන්න – Video

ලොව විශාලතම වායු පිරිසිඳු කරන යන්ත්‍රය , දැකල නැත්නම් මෙන්න – Video

102
0

ලොව විශාලතම වායු පිරිසිඳු කරන කුළුණ නිර්මාණය කරන්නට චීනය , පසුගියදා සමත් වුණා.

චීනය වර්තමානයේ මුහුණ දෙන විශාලතම ගැටලුව වන්නේ වායු දූෂණයයි. ඒ සඳහා විසඳුමක් ලෙස , ලෙස මෙම දැවැන්ත වායු පිරිසිඳු කරන කුළුණ නිර්මාණය කර තිබෙනවා.

මීටර් 100 ක් පමණ උස චිමිනියක් වැනි කුළුණක් හරහා ඒ අවට වායු ගෝලයට , පිරිසිඳු වාතය මින් මුදා හරිනවා. දැවැන්ත Air Filter තට්ටු දෙකක් හරහා වාතය පිරිසීඳු කිරීම මේ හරහා සිදුවනවා.

දිනකට වායු කියුබික් මීටර් මිලියන 10 මේ දැවැන්ත පිරිසිඳු කරන යන්ත්‍රය හරහා වායු ගෝලයට මුදා හරිනවා.

නිරිතදිග චීනයේ Shaanxi පළාතේ ස්ථාපනය කර ඇති මෙම ව්‍යාපෘතිය , වායු දූෂණ ගැටලුවට නියම විසඳුම නොවුනත් මේ හරහා ඒ අවට අපිරිසිඳු වාතය යම් ප්‍රමාණයක් හෝ අඩුකර ගැනීමට හැකිවනු ඇති බව එහි නිර්මාණකරුවන් විශ්වාස කරනවා

චීනය මේ වනවිට දැවැන්ත වායු දූෂණ ගැටලුවකට මුහුණ පා තිබෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here