Home Hollywood වයස 72ක් වුණත් නැවත රම්බෝ චරිතයට

වයස 72ක් වුණත් නැවත රම්බෝ චරිතයට

144
0

සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය රඟපෑ ‘රම්බෝ’ චිත්‍රපට මාලාව ඇරැඹුණේ 1982 දී තිරගත වුණු ‘ෆස්ට් බ්ලඩ්’ චිත්‍රපටයෙන්.

ස්ටැලෝන් මේ සිනමා නිර්මාණයෙන් නිරූපණය කළ ‍ජෝන් ජේ. රම්බෝ වීර චරිතය අදටත් ‍ප්‍රේක්ෂකයන්ගේ මනසින් මැකී ගොස් නැහැ.

‘ෆස්ට් බ්ලඩ්’ චිත්‍රපටයෙන් පසුව 1985 දී ‘‍රම්බෝ: ෆස්ට් බ්ලඩ් II’, 1988 දී ‘රම්බෝ – III’ සහ 2008 දී ‘රම්බෝ’ යනුවෙන් චිත්‍රපට 4 ක් තිරගත වුණා.‍ දැන් මේ චිත්‍රපට මාලාවේ 5 වැන්න රූගත කිරීමටයි සැරසෙන්නේ. ‘රම්බෝ – V: ද සැවේජ් හන්ට්’ යනුවෙන් නම් කර තිබෙන අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේත් සිල්වෙස්ටර් ස්ටැලෝන්මයි.

මේ වනවිට 72 වැනි වියෙහි පසුවන ස්ටැලෝන් පස්වැනි වතාවටත් රම්බෝ ලෙස එදා පෙන්වූ වීරකම් යළි පෙන්වනු නිසැක යැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.

පසුගිය සතියේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළ බවත් ලබන වසරේ නොවැම්බර් මාසය වන විට මේ චිත්‍රපටය තිරගත කෙරෙනු ඇති බවත් හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.