Home Gossip වැඩියෙන් ආදරේ කලාවට නිසා වෙන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ

වැඩියෙන් ආදරේ කලාවට නිසා වෙන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ

175
0

වස්සාන සිහිනයේ ‘සුමුදු’ ලෙසත් මගේ ආදර අවනඩුවහී ‘නිම්මි’ ලෙසත් ඔබට ළෙන්ගතුවන ඇය අනුරාධා එදිරිසිංහ යි. මේ දිනවල පුංචි තිරයේ පෙරැළි කරන අලුත්ම තාරකාව ඇයයි.

අනුරාධා දැන් පුංචි තිරයේ ජනප්‍රිය තරුවක්
හ්ම්… එහෙම කියන්න තේරෙන්නේ නැහැ.. පාර තොටේ දකින බොහො දෙනා දැන් මට කතා කරන්නේ සුමුදු කියලා.. මේ ළඟ දී දවසක මම පාර පනින්න ඉන්නකොට ත්‍රිවිල් එකක් ඇවිත් නැවැත්තුවා. මම කිව්වා මම පාර පනින්න ඉන්නේ කියලා. එයා මගෙන් ඇහුවා ඔයා සුමුදු නේද? මම අඳුර ගත්තා ඒකයි මම නැවැත්තුවේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රතිචාර ලැබෙන කොට සතුටුයි.

ජනප්‍රි වුණු සමහරු පස්සේ ආඩම්බරකම් පෙන්වනවලු
මම නම් අනිවාර්යෙන්ම වෙනස් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක් මා එක්ක ඇවිත් කතා කරනවා තරම් සතුටක් මට තවත් නැහැ.

ඔය ජනප්‍රියත්වය ඔබටත් පස්සේ කරදරයක් වේවි ද?
නැහැ. මම මේ කියපු වචනේ අනිවාර්යෙන්ම මගේ හිතේ තියෙයි. එය වෙනස් වෙන්නෑ.

අනුරාධා ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ…
වයස අවුරුදු 13 දී මම සිරස වැඩසටහන් වගයක් කළා. නමුත් මුල දී මගේ තාත්තාගේ තිබුණු දැඩි අකැමැත්ත නිසා ඒ කාලෙදී ම අයින් වෙන්න සිද්ද වුණා. නමුත් මට අවුරුදු විසි තුනේ දී වගේ අහම්බෙන් දවසක රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එතැනින් රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක් විදිහට මගේ පුනරාගමනය සිදු වෙනවා.

පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
පුංචි තිරයට ඇවිත් දැන් අවුරුදු තුනක් විතර වෙනවා. ඒ අතර ටෙලි නාට්‍ය තුන හතරකට සම්බන්ධ වෙලා තියෙනවා. පසු ගිය දා නිමා වුණු ‘කොළඹ අපි ආවා‘ කියන ටෙලි නාට්‍යයේ මගේ චරිතෙට හොඳ ප්‍රතිචාර ලැබුණා. නමුත් ප්‍රේක්ෂකයෝ මාව හඳුනා ගන්නේ ‘වස්සාන ප්‍රේමය‘ ටෙලි නාට්‍යයේ සුමුදු කියන චරිතයෙන්.

නැවත රංගනයට පිවිසෙද්දි තාත්තගෙන් තහංචි වැටුණෙ නැද්ද?
නැහැ… පස්සේ ඒ අකැමැත්ත ඔහුගේන් පහව ගියා. අද මගේ තාත්තා ජීවතුන් අතර නැහැ.. මම රංගනයට නැවත එකතු වුණු මුල් කාලේ තාත්තා අනතුරකට ලක් වෙලා මාස ගණනක් කෝමා තත්ත්වයෙන් පසු වුණේ. නමුත් ඊට කලින් ඔහු මා ගැන පත්තරවල පළ වුණු ලිපි කියවලා පින්තුර දැකලා බොහො සතුටු වෙලා තිබුණා. නමුත් මගේ ටෙලි නාට්‍ය එකක්වත් බලන්න තාත්තාට බැරි වුණා.

ඔබගේ මේ ක්ෂේත්‍රයේ සමීප මිතුරු මිතුරියන් ගැන ඇහුවොත්…..
මට ගොඩක්ම සමීප මිතුරිය ශලනි තාරකා. ඇය මට මගේම අක්කා කෙනෙක් වගේ. හම්ම් තව සමීර ශානක, දිනෙත් දි සිල්වා, දසුන් පතිරණ, ඉන්ධික ධර්මතිලක…මේ අයත් මගේ මිතුරන්.. අනේ මට නම් කියන්න බැරි වුණු යාළුවො ටිකගෙන් සමාව ඉල්ලනවා. ඔන්න දැන් මා එක්ක තරහා වෙන්න එපා.. මම ඒ හැමෝටම ආදරෙයි.

අනුරාධාගේ රංගනයේ සීමා තිබෙනවාද?
මම හැමදාම ආදරේ කළේ ටෙලි නාට්‍යවලට. පසුගිය දවසක එක්තරා ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් අන්ධ ගායිකාවකගේ චරිතයකට මට ආරාධනා කළා. නමුත් එය ප්‍රතික්ෂේප කරන්න මූලික හේතුව වුණේ ඔවුන් බලාපොරොත්තු වුණු වෘතීය ගායන හැකියාව මට තිබුණේ නැති නිසා. ඉතින් එවැනි චරිතයක් එක පාරටම භාර ගන්න අමාරුයි. නමුත් අභියොගත්මක චරිත ලැබෙනවා නම් මම බොහොම කැමැතියි. ගැමි චරිතවලටත් මගේ කැමැත්තක් තියෙනවා. හැබැයි රංගනය වෙනුවෙන් වුණත් කොටට අඳින්න නම් පෞද්ගලිකව කැමැති නැහැ.

මේ ක්ෂේත්‍රයේ දී රංගනයට වගේ ම වෙනත් අභියෝගවලටත් මුහුණ දෙන්න වෙනවලු නේද?
ක්ෂේත්‍ර‍ය ගැන කියන කතා මම අහාලා තියෙනවා. නමුත් මම නම් මේ ක්ෂේත්‍ර‍යට ඉතාම ආදරෙයි. ආදරේ නොකර ඉන්න මට හේතුවක් නැහැ. සාමාන්‍යෙයන් මම හැමෝම එක්ක සුහදව කටයුතු කරනවා. මට මේ ක්ෂේත්‍රයට තවම අලුත්. මට වඩා දවසක් හරි සිනියර් කෙනෙක්ට මම අනිවාර්යෙන් ගරු කරනවා.

ලැබෙන ප්‍රතිචාර අතර වැඩිපුර ලැබෙන්නේ ආදර යෝජනා ද?
අනේ මන්දා එහෙම කියන තරම් ආදර යෝජනා මට ඇවිත් නැහැ නේ.. සමහර විට මම ඕන කෙනෙක් එක්ක ෆ්‍රෙන්ඩ්ලි නිසාද දන්නෑ. ඒ කොහොම වෙතත් ඔය ඩෙයිලි කෝල්ස්, ඩෙයිලි මැසේජස් මට නැහැ.

අනුරාධාගේ ඉදිරි ගමන ගැන කතා කළොත්….
වෙන ජොබ් කරන්න ඒ කාලේ ඉඳලම මම කැමැති වුණේ නැහැ..දැන් මගේ වෘත්තියත් කලාවමයි. වැඩියෙන් ආදරේ කලාවට නිසා වෙන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.