Home Gossip “විකිණෙන කාන්තාව බඩ්ඩක් වන අතර බඩ්ඩ මිලට ගන්නා මහත්තයෙක්” දිමංකගේ “කියඹුලතාවේ” ගීතයට...

“විකිණෙන කාන්තාව බඩ්ඩක් වන අතර බඩ්ඩ මිලට ගන්නා මහත්තයෙක්” දිමංකගේ “කියඹුලතාවේ” ගීතයට දුන්න සුපිරි විචාරය.

256
0

දිමංක වෙල්ලාලගේ විසින් ගායනා කරන කියඹුලතාවේ ගීතයේ සංගීතය හා රූප රචනය පිළිබඳව නිම්මි කංකානම්ගේ රසිකාවිය විසින් ලියා තිබූ අපුරූ විචාරයක් පසුගියදා ෆේස්බුක් හී දකින්නට ලැබුණා.

මෙම සටහන Share කර තිබුනේ දිමංක වෙල්ලාලගේ විසින්මයි.

නිම්මි කංකානම්ගේ විසින් කියඹුලතාවේ ගීතයට ලියූ සම්පූර්ණ විචාරය පහතින්.

කලෙකට පස්සෙ අහපු හිතට හොදට දනවපු වචන ටිකක් ..ඒ විතරක් නෙමෙයි වෙනස් රූප රචනාවක් එක්ක වෙනස් කතාවක්
ඇස් වලට ඇත්ත කියලා අපිට පෙන දේවලුත් බොරු කියලා පෙන්නුවා ..නලගනක් උනත් ,කුලගනක් උනත් අම්මා අම්මාමය.තමන්ගෙ දරුවන් රකින්නට අම්මා ට කරන්නට නොහැකි දෙයක් නැත.නලගනක් වුනත් අම්මා නම් එ අම්මා මය.
කේමදාස මාස්ටර්ගේ …”ලදුනෙ” ගීතය තරම් මානවදයාව එහි අන්තයට ගොස් කතා කල ගිතයක් මම අසා නොමත්තෙමි .කුහුබුවෙකුට වරදක් නොකරන පිරිසක් ලෙස ඔහු විදි සරන කාන්තාවන් හදුන්වනු ලබයි.ඉන්පසු මෙවැනි නිර්මාණ බිහි උනත් එවා හුදෙක් නිර්මාණ තුලම කතා කරන කතා බවට පත්විය .
කලකට පෙර ඉරාජ් නිර්මාණය කල මිට සමාන ගීතයකට සමහරු කිව්වෙ සාධාරණ රැකියා කරන අම්මලට පමනක් ගීත ලියන්න පුලුවන් නේද ?යන කුහක කමෙන්ට් එක දෙමිනි
ඉහත ගීතය තුල දිමන්ක වචන ටිකක පණ දෙන්නෙ අපුරුවටය.නලගනක් පසුපස ගිය තරුණයෙක් ,නලගන මවක් යයි දුටු සනින් හදවත උනු කර ගනි .දරුව රකින්නට නලගනක් වු බව දුටු සැණින් ඔහු නලගන ,කුලගනක් ලෙස නම් කරයි.අම්මා යන්න තුල නලගනක් උත්තරීතර කුලගන බවට පත්විය .

අපි ජිවත් වෙන්නේ අපුර්ව සමාජයකය.විකිනෙන කාන්තාව බඩ්ඩක් වන අතර බඩ්ඩ මිලට ගන්නා මහත්තයෙක් වේ.මිලට ගන්න මහත්තයා පොරක් වන අතර විකිනෙන කාන්තාව දිගටම බඩ්ඩ වෙ .තමන්ව ප්‍රතික්ෂේප කරන තරුණියව බඩ්ඩ ලෙස හංවඩු ගසන මහත්වරුද වෙති.

බුදුරජාණන් වහන්සේ තරම් මානවදයාව ආදර්ශවත් ව ලොවට පෙනිවා දුන් ගුරුවරයෙක් පෙර සෙම මතුද මෙලොව නොවන්නෙය.නිරුවතින් උම්මත්තකව ආ පටාචාරව සුවපත් කල සේක!!!ගණිකාවක වු අම්බපාලියට උතුම් දහමේ සුවය දුන් සේක!!!තමන් වහන්සෙට නින්දා කල චිංචිමානවිකාවට සම සිතින් කරුණික වෙන සේක!!

වරක සමාජ අහිතකර ක්‍රියාවක නිරතවන කාන්තාවකට ගල් ගාසා මරන්න යද්දි,ජෙසුස් වහන්සේ පවසන්නේ කිසිදු වරදක් නොක අයෙක් පලමු ගල ගසන ලෙස ය.වරදක් නොකල අයෙක් ,සර්වසම්පුර්න අයෙක් මිහිපිට නොවෙයි.එහෙත් මිනිසුන් බොහො ඉක්මනින් මෙය අමතක කර දමති.තමන් සර්වසම්පුර්න යයි සිතමින් අනුන්ට නින්දා කරති .පුදුමයක් නොවෙ එය නම් මිනිස් ස්භාවයයි.

කැලුම් මහතාගෙ වචන වලින් දිමන්ක ගායකයා ,ගයන්නෙ මානවදයාව ,ප්‍රේමය හා මව්සෙනහසෙ තවත් වෙනස් පැතිකඩක්ය. තාත්තලා නොමැති ව තනිවන අම්මලාත්,තනි වු දරුවනුත් පමනක්ම තනිකමෙ වේදනාව හොදින් ම දනිති .නහයෙන් අඩන බොලද ආදර ගීත වෙනුවට මෙවන් වෙනස් නිර්මාණය කරන්නට කැලුම් ශ්‍රීමාල්,දිමංක වෙල්ලාලගේ මහත්වරුනි ඔබට තව , තවත් හැකියාව ලැබේවා !!!

නිම්මි කංකානම්ගේ 
15.03.2018
පානදුර.

 

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here