Home Uncategorized විරාත් කෝලි කෞතුකගාරයට – Photos

විරාත් කෝලි කෞතුකගාරයට – Photos

491
0

නවදිල්ලි අගනුවර පිහිටා තිබෙන මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ ඉටි පිළිම අතරට ඉදිරියේදී ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිව තෝරා ගෙන තිබෙනවා.  එහි ඇති සචින් තෙන්ඩුල්කාර් , ඩේවිඩ් බෙකම් , කපිල් දේව් , ලයනල් මෙසී වැනි ක්‍රීඩකයින්ගේ ඉටි පිළිමට අතර ඉදිරියේදී විරාත් කෝලිත් එකතු වනු ඇති.

මම ප්‍රථමයෙන් ස්තූති වන්ත වෙනවා මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ කාර්ය මණ්ඩලයට ඉතා ඉවසීමෙන් , සෑහෙන කාලයක් ගත කරලා මට මුලු ජීවිතයටම අමතක නොවන තෑග්ගක් නිර්මාණය කලාට . ලොව සිටින විශිෂ්ඨයින් අතරට එකතු වෙන්න ලැබීම ලොකු ගෞරවයක් කියලා තමයි විරාත් කෝලි කියන්නේ.

ලන්ඩන් මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ විශේෂඥයින් කිහිප දෙනෙකුත් විරාත් කෝලිගේ ඉටි රුව නිර්මාණය කරන්න ඉන්දීයාවට පැමිණ තිබෙනවා.

Merlin Entertaintment India සමාගමේ සාමාන්‍ය අධිකාරී Anshul Jain පවසනේ දිල්ලි නව මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ 23 විශේෂාංගය ලෙස ලෙස විරාත් කෝලිගේ පිලිමය එකතු වන බවයි. විරාත් කෝලිගේ අනුරුව මීලඟට මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ විශේෂ පුද්ගලයින් අතරට අනිවාර්යයෙන්ම එකතු විය යුතු එකක් බව ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත කියා සිටියා.

සුපිරි පිතිකරුවකු සහ ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස විරාත් කෝලි මේ වන විට ඉන්දීයාවට ජාත්‍යන්තර කීර්ති නාමයන් රැසක් අත්පත් කර දී තිබෙනවා. ඔහු ඉන්දියානු රජයෙන් පිරිනමන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබ තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.