Home Rasa Cricket ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට කාළගුණයෙන් බාධා . පන්දු යවන්නන්ගෙන් කොදෙව් කණ්ඩායමට දැඩි අභියෝගයක්.

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට කාළගුණයෙන් බාධා . පන්දු යවන්නන්ගෙන් කොදෙව් කණ්ඩායමට දැඩි අභියෝගයක්.

60
0

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ජය පරාජයකින් තොරව අද අවසන් වුණා. තරඟයේ පස්වන දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉක්මන් කඩුලු කිහිපයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

තම මංගල තරඟයට සහභාගී වු කසුන් රාජිත එක් ඔවරයකදී කඩුලු දෙකක් ලබා ගනිමින් කොදෙව්වන් දැඩි පීඩනයකට ලක් කලා. එමෙන්ම වේගවත් පන්දු යැවීමක නිරත් වූ ලහිරු කුමාර හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට නිදහසේ පහර දීමට හැකියාව ලැබුණේ නැහැ.

ලහිරු කුමාර යැවූ කෙටි පන්දුවක් Shai Hope ගේ ඇඟේ වැදීමෙන් ඔහු මඳ වේලාවකට ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවත්ව ගියා.

තරඟයේ පස් වන දිනයේ දැද හැලුණු වර්ශාව නිසාවෙන් තරඟයේ නියමිත පන්දු වාර සංඛ්‍යාව යැවීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව තරඟය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වුණා..

ඒ අනුව තරඟ තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ 1-0 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.තරඟය පැවැත්වුණේ St.Lucia – Gros Islet හී Darren Sammy ක්‍රීඩාංණයේදීයි.

ශ්‍රී ලංකා කොදෙව් මීලඟ තරඟය ලබන 23 වනදා දිවා – රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.