Home Rasa Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයේදී කුඩම්මාගේ සැළකිලි, කළමණාකාරිත්වයෙන් පැමිණිල්ලක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයේදී කුඩම්මාගේ සැළකිලි, කළමණාකාරිත්වයෙන් පැමිණිල්ලක්.

57
0

දැනට එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසළාණ ක්‍රිකට් තරඟාවලිය අතර තුර ශ්‍රී ලංකා කණ්ඩායමට සළාකා ඇත්තේ අනෙක් කණ්ඩායම් වලට සළකණ ආකරයට නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසන්තා දි මෙල් මහතා පවසනවා.

තරඟාවලිය අතර තුරදී කණ්ඩායම මුහුණ දුන් ගැටලු කිහිපයක් සම්භන්ධයෙන් ඊ-මේල් පණිවුඩයක් මගින් ඔහු ICC ය දැනුවත් කර තිබෙනවා

කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයේ පිහිණුම් තටාකයක් නොමැති බවත් ලැබෙන ආහාර පාන පිළිබඳවද කණ්ඩායම එතරම් සතුටු නොවන බවත් එම ලිපියේ සඳහන් වනවා.

පිරිසිදු කිරීම සඳහා ක්‍රීඩකයින් ලබා දෙන ඇඳුම් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද එම ඊ-මේල් පණිවුඩයේ සඳහන්.

ශ්‍රී ලංකා කණ්ඩායමට තණකොළ සහිත තණතීරු ලබාදීමත් අනෙක් කණ්ඩායම්වලට දුඹුරු පැහැති තණතීරු ලබා දීමත් මේ පැමිණිල්ලේ දැක්වෙන තවත් කරුණු කිහිපයකි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.