Home Bollywood ශාරුක් ඛාන්ව දෙවන වතාවටත් ඉටි වලින් හදලා

ශාරුක් ඛාන්ව දෙවන වතාවටත් ඉටි වලින් හදලා

186
0

මැඩම් තුසාඩ් කෞතුකාගාරය කියන්නේ ලොව පුරා සංචාරකයින්ගේ සිත් ඇද බැඳ තබා ගත් කෞතුකාගාරයක්. ලොව පුර ජනාදරයට පත් සුවිෂේශී පුදගලයින්ගේ , ඉටි වලින් සාදන ලද පිළිම මෙහි ප්‍රදර්ශණය කරනු ලබනවා.

විශේෂත්වයක් වන්නේ මෙම පිළිම නිර්මාණය කර තිබෙන්නේ අදාල පුද්ගලයාගේ රුවට 100 % පමණ සමාන වන ලෙසයි.

මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ දිල්ලී ශාකාවට සුපිරි නළු ශරුක් ඛාන්ගේද පිළිමය එකතු කිරීමට තිරණය කර තිබෙනවා. ලබන 23 වනවිට ශරුක්ගේ දෙවන ඉටි පිළිමය මහජයාට විවෘත කිරීමට නියමිතයි.

ශාරුක්ගේ මෙම පිළිමය එම කෞතුකාගාරයේ විශේෂ පුද්ගලයින්ගේ කලාපයේ ස්ථානගත කිරීමටද සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා

මැඩම් තුසාඩ් කෞතුකාගාර මාලාවේ ලන්ඩන් ශාකාවේද ශරුක් කාන්ගේ ඉටි පිළිමයක් ප්‍රදර්ශණයට තබා තිබෙනවා.එය විවෘත කරනු ලැබුවේ 2007 වර්ශයේ .

දිල්ලී මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදිගේ , අමිතා බච්චන් , කපිල් දේව් ,සචින් තෙන්ඩුල්කාර් , ඇන්ජලීනා ජෝලී ,ලේඩි ගාගා වැනි සුපිරි චරිත වල ඉටිරූපද නිර්මාණය කර තිබෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.