Home Bollywood ෂාහිඩ් කෝටි 55කට කරපු වැඩේ

ෂාහිඩ් කෝටි 55කට කරපු වැඩේ

225
0

බොලිවුඩයේ ඉන්න දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ෂාහිඩ් කපූර් කියන්නේ. බොලිවුඩයෙන් මේ දවස්වල ඔහු ගැන අලුත් පුවතක් ආරංචි වෙනවා. ෂාහිඩ් මුම්බායිවල චෝලි කියන ප්‍රදේශයේ අපාට්මන්ට් එකක් මිලදී අරන්.

කෝටි 55කට වැඩි මුදලකට තමයි ඔහු මෙය මිලදී අරන් තියෙන්නේ. ඒ අපාට්මන්ට් එකේ 42,43 තට්ටු දෙක. ආරංචි වන විදියට ෂාහිඩ් සහ මීරාගේ නමට තමයි මේක ලියාපදිංචි කරලා තියෙන්නෙත්.

මේ යුවළ මේ දවස්වල ඔවුන්ගේ දෙවැනි දරු උපතට ලෑස්ති වෙනවා. එහි ආශීර්වාද පූජාවත් මේ මෑතකදී තිබිලා තියෙන්නේ මේ අපාට්මන්ට් එකේදිමයි. ඒකට පවුලේ ඥාතීන් වගේම ළඟම හිතවතුන් පිරිසක් එක්වෙලා තිබුණා. ඒ අතරට ජාන්වී කපූර් සහ ඉෂාන් කාටර්ද එක්වෙලා හිටියා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.