Home Tech සමහර ගෙවල් වලට දැං කෑම ඩිලිවර් කරන්නේ ඩ්‍රෝන් වලින්.

සමහර ගෙවල් වලට දැං කෑම ඩිලිවර් කරන්නේ ඩ්‍රෝන් වලින්.

164
0

ඩ්‍රෝන් යාත්‍රා ආධාරයෙන් ආහාර සැපයීම සඳහා අවසර ලබා ගැනීමට චීනයේ ජනප්‍රිය ආහාර සැපයීමේ සේවාවක් වන Ele.me ආයනයට හැකියාව ලැබී තිබෙනවා.

චීනයේ Shanghai’s Jinshan  කාර්මික උද්‍යානයේ මාර්ග 17 ක් ඔස්සේ වර්ග කිලෝ මීටර් 58 ක පමණ ප්‍රදේශයක් ඇතුලත ඩ්‍රෝන් යාත්‍රා යෝදාගෙන ආහාර සැපයීමට ඔවුන්ට මේ හරහා හැකියාව ලැබෙනවා.

එම ප්‍රදේශය පුරා ඇති අවන් හල් 100 ක පමණ ඇනවුම් විනාඩි 20ක් තුල පාර්භෙගිකයා වෙත යොමු කිරීම ඔවුන්ගේ අරමුණ වනවා.

චීන මාධ්‍ය වාර්තා වාර්තා කරන්නේ මෙම ඩ්‍රෝන් යානා සෑම මාර්ගයකම ස්ථාවර ස්ථාන දෙකක් අතර ක්‍රියාත්මක වන බවයි. ඩ්‍රෝන් හරහා අදාල ස්ථානය වෙත කෑම එවූ පසු එතැන සිටින සේවකයකු විසින් අදාල ලිපිනයන් වෙත ඇණවුම් යොමු කරනවා.

මේ සඳහා E7 වර්ගයේ ඩ්‍රෝන් යාත්‍රා යෝදා ගන්නවා . ඔවුන් මේ සඳහා අදාල අත්හදා බැලීමේ ගමන් වාර සිදුකලේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

වරකට කිලෝ 6 ක පමණ බරක් රැගෙන ,පැයට කිලෝ මීටර් 20 ක වේගයෙන් මෙම ඩ්‍රෝන් යාත්‍රා ගමන් කරනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.