Home Gallery සිත හදන තුරු පළමු අදියර සාර්ථකව අවසන් වෙයි – Photos

සිත හදන තුරු පළමු අදියර සාර්ථකව අවසන් වෙයි – Photos

84
0

ශ්‍රීලංකා යුධ හමුදාවේ පූර්ණ අධීක්ෂණයෙන් සහෝදර චාර්ල්ස් තෝමස් ප්‍රමුඛ දහම්පහණ හා එක්ව සිත fm සoවිධානය කරන සිත හදන තුරු ජාතික මෙහෙවරෙහි සමාරම්භය පසුගියදා යාපනය කලා ආයතන ප්‍රධාන ශාලාවේදී සිදුවිය.

මේ අවස්ථාව සදහා ශ්‍රීලංකා යුධ හමුදාවේ යාපනය ප්‍රධානී මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි , දහම් පහන නිර්මාතෘ සහෝදර චාල්ස් තෝමස් සමග සිත fm අයත් sky මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී අසංක අලහකෝන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සිත හදන තුරු වැඩපිලිවලෙහි ආරම්භක අදියරේ සමාරම්භය වෙනුවෙන් සංකේතාත්මකව යාපනෙයේ පවුල් 400 වෙනුවෙන් පොල් පැළ 2000 පරිත්‍යාගය සිදුවූ අතර එයට සමගාමීව යාපනයේ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් බයිසිකල් , මැහුම් උපකරණ කට්ටල , සනීපාරක්ෂක කට්ටල මෙන්ම දරුවන්ට ශිෂ්‍යතව පිරිනැමීමක්ද සිදුවිය.

සිත හදන තුරු වැඩ පිළිවලේ අරමුණ යාපනයේ පවුල් 2000ක් වෙනුවෙන් පොල් පැළ 10000 ක් ලබාදීමයි.
ඒ සදහා ඔබටත් දායකවීමට කැමතිනම් DFCC බැන්කුවේ ගිණුම් අoක 002115004145 ට ඔබේ පරිත්‍යාග බැරකළ හැක.

පොළ් පැල ශ්‍රීලංකා පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් ලබාගන්නා අතර පැළයක මිල රු.175 කි.

 

 

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.