Home Hollywood සුපිරි රැප් ගායකයෙකුට වෙඩි. අනතුරින් දෙදෙනෙකු රෝහලේ.

සුපිරි රැප් ගායකයෙකුට වෙඩි. අනතුරින් දෙදෙනෙකු රෝහලේ.

126
0

ඇමරිකාවේ සුපිරි රැප් ගායකයකු ලෙස ප්‍රසිද්ධව සිටි නිප්සේ හසල් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

33 හැවිරිදී ගායකයාට මෙලෙස වෙඩි තබා ඇත්තේ ඔහුගේම රෙදිපිළි අලෙවි සැල ඉදිරියේදීයි. වෙඩි ප්‍රහාරයට ලක් වු නිප්සේ හසල් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

නිප්සේ හසල් මිය ගොස් අත්තේ වෙඩි තැබීමෙන් ඔහුගේ හිසට සිදු වූ තුවාල හේතුවෙන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෙඩි තැබීමෙන් රෙදි පිළි අලෙවි සැල ඉදිරිපිට සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිදුවීම සම්භන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලීසිය විසින් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.