Home Bollywood සුෂ්මිතාගේ මුහුණට වෙච්ච දේ

සුෂ්මිතාගේ මුහුණට වෙච්ච දේ

199
0

සුශ්මිතා සෙන් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාල සමඟ බැඳී සිටිමින් රසික ජනතාවට සමීප වෙන්න උත්සාහ දරන නිළියක්.

කොහොම වෙතත් කාගේත් මතකයෙන් ඈත් නොවූ සුශ්මිතා, මෑතකදී සමාජ මාධ්‍යයන් ඔස්සේ විසුරුවා හළ ඇගේ අලුත් ම ඡායාරූප කිහිපය කාගේත් අවධානයට ලක්වෙලා.

එම ඡායාරූපවලින් දිස්වන ඇගේ ස්වරූපය වෙනස් වී ඇතැයි බොහෝ දෙනකු පවසනවා. රූපයෙන් අගතැන්පත්ව සිටින හිටපු විශ්ව රූ රැජන ගේ මුහුණ මෙලෙස වෙනස් වුණේ ඇයි දැයි කවුරුත් විමසනවා. තතු දන්නා අය පවසන්නේ ඇය ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඇති බවයි.

මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කීවේ ඉදිරි මාස 6 ක පමණ කාලයක් අලුත් චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් කැප කිරීමට අදහස් කරගෙන සිටින බවයි.

“පසුගිය අවුරුදු එක හමාර තිස්සේ හොඳ තිර නාටකයක් සොයමින් තමයි මම හිටියේ. ළඟදීම මම අලුත් චිත්‍රපටයක රඟපාන්න යනවා කියන්නේ මට හොඳ තිර නාටකයක් ලැබුණා කියන එක නෙමෙයි.” සුශ්මිතා සිනා සෙමින් පැවසුවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.