Home Hollywood සෙලීනා අඳුරු මතකයට සමුදෙයිද?

සෙලීනා අඳුරු මතකයට සමුදෙයිද?

218
0

ජස්ටින් බීබර්ගේ හදිසි විවාහ ගිවිස ගැන්මත් සමඟම කම්පාවට පත්වුණු සෙලිනා ගෝමස් කියා සිටියේ මින් මතුවට තනිකඩව දිවිය ගෙවනවාය කියලයි.

නමුත්, පසුගිය සතියේ හොලිවුඩ්පුරවරයෙන් පැවසුණේ අඳුරු මතකයෙන් සමුගෙන නැවතත් සැබෑ ආදරය සොයායන්නට මේ ජනප්‍රිය යොවුන් ගායිකාව සූදානම් බවයි.

“සෙලිනා මින් මතුවට බීබර් ගැන හිතමින් අනාගතය අඳුරු කරගන්න එකක් නැහැ. තමන්ගේ ගායන දිවිය ඉදිරියට ම ගෙන යන්නයි අදිටන් කරගෙන ඉන්නෙ. එහෙම ඉදිරිය බලන කොට එයාට සැබෑ ආදරවන්ත‍යකු මුණ ගැහේවි. අනාගතය සුබදායක වේවි‍. මේ තත්ත්වය එක රැයකින් ම සිදුවෙන එකක් නැහැ. කාලයක් ගතවේවි”

සෙලිනාගේ අනාගත ජීවිතයේ ගැන මේ අනාවැකි පළ කළේ ඇගේ සමීපතම හිතවතියක්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.