Home Bollywood සෝහා අලි ඛාන් රංගන ජීවිතයෙන් විශ්‍රාම ගන්න තීරණය කරලා

සෝහා අලි ඛාන් රංගන ජීවිතයෙන් විශ්‍රාම ගන්න තීරණය කරලා

250
0

අවුරුදු 39 කියන්නෙ විශ්‍රාම ගත යුතු වයසක් නොවෙයි. ඒත් සෝහා අලි ඛාන් නම් මේ වයසෙදිම රංගන ජීවිතයෙන් විශ්‍රාම ගන්න තීරණය කරලා.

2004 දී බොලිවුඩ් සිනමාවට එක්වූ සෝහා, ප්‍රවීණ නිළි ශර්මිලා තාගෝර්ගේ දියණියයි. ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන් ගේ නැගණියයි.

මින් මතුවට චිත්‍රපටවල රඟපාන්නේ නැතැයි සෝහා පවසනවා. “චිත්‍රපටයක රඟපානවා නම් ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් කැප කරන්න වෙනවා.

මගේ දුව ඉනායා ඉන්න නිසා එයා වෙනුවෙන් කාලය යොදවනවා. මගේ මුළු ජීවිතයම කැප වෙලා තියෙන්නෙ දුව වෙනුවෙන්.

දුවගේ වයස මාස 8 ½ යි.”

සෝහා රඟපෑ චිත්‍රපට දෙකක් ළඟදී තිරගත වීමට නියමිතයි. ඒ තමයි, ‘‍සාහෙබ් බිවි’ සහ ‘ගැන්ග්ස්ටර් 3’. මීට අමතරව ඇගේ රැඟුම් ඇතුළත් ‘සවුන්ඩ් පෲෆ්’ නම්ව‍ූ කෙටි චිත්‍රපටයක් ද තිරගත වීමට නියමිතයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.