Home Rasa Cricket හය වන කඩුල්ල වෙනුවෙන් දසුන්ගෙන් සහ ශෙහාන් ජයසූරියගෙන් වාර්තාවක්.

හය වන කඩුල්ල වෙනුවෙන් දසුන්ගෙන් සහ ශෙහාන් ජයසූරියගෙන් වාර්තාවක්.

49
0

ඊයේ පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් වූ ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන එක්දින තරඟයෙන් ලකුණු 67 ක ජයක් ලබා ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 305 ක් ලබා ගැනීමට සමත් වුණා . එහිදි පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්ථාන වේග පන්දු යවන්නන් හමුවේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නමුත් හය වන කඩුල්ල වෙනුවෙන් ශෙහාන් ජයසූරිය සහ දසුන් ශානක ලකුණු 166 ක සමබන්දතාවයක් ගොඩ නගමින් ලෝක වාර්තාවක් පිහිටු වීමට සමත් වුණා.


එනම් හය වන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර පකිස්ථානයේදී හය වන කඩුල්ල වෙනුවෙන් ලබා ගත් ඉහල සම්භන්ධතාවයද මෙයයි.

එහිදී ශෙහාන් ජයසූරියගේ ලකුණු 96 ට හයේ පහර 1 ක් සහ හතරේ පහර 7 ක් ඇතුලත්. දසුන් ශානකලබා ගත් ලකුණු 68 ට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුලත්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.