අවුරුදු 96ක වයසේදීත් චිත්‍රපට රංගනයට එක්වූ නිළියක් තමයි, Connie Sawyer. මේ වයෝවෘද්ධ රංගන ශිල්පිනිය පසුගිය සතියේ තම ජීවිතයෙන් සමුගත්තා.
ඇය, මෙතෙක් ජීවත්ව සිට වයස්ගතම හොලිවුඩ් නිළිය හැටියටයි සැලකෙන්නේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 105 යි.
1912 නොවැම්බර් 27 දා උපත ලැබූ Connie, රංගන ක්ෂේත්රයට පිවිසුණේ 8 හැවිරිදි දැරියකව සිටිද්දීය. දශක 6ක් පුරා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය 140 කට පමණ ඇගේ රංගන දායකත්වය ලැබී තිබෙනවා.
කොනී, 2008 දී තිරගත වූ ‘Pineapple Express’ චිත්‍රපටයේ අත්තම්මා කෙනකුගේ චරිතයක් නිරූපණය කළා.
ඇය රඟපෑ ‘The Mary Tyler Moore Show’ සහ ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනියෙන් ද විකාශය වූ ‘Hawaii Five-0’ සහ ‘ඩිනස්ටි’ යන ටෙලි නාට්‍ය මාලාවන් ද බෙහෙවින් ජනප්‍රිය වුණා.