Home Bollywood Big B අළුත් තනතුරකට

Big B අළුත් තනතුරකට

245
0

දකුණු හා නැඟෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ සමුළුවේදී එම කලාපයෙන් සෙංගමාල රෝගය තුරන් කිරීම සඳහා මිතුරු තානාපති ධුරයට ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් පත්කර ගැනේ.

එම සමුළුව මාලදිවයිනේදී ඉකුත්දා පැවැත්විණි. අමිතාබ් බච්චන් එම මිතුරු තානාපති ධුරයට පත්කර ගැනීම දකුණු හා නැඟෙනහිර ආසියා රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ සමුළුවේ හිටපු සභාපතිවරයා වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්නගේ ඇගැයීමට ලක්විය.

ශ්‍රී ලංකාව තුළ සියයට දෙකකට අඩු ප්‍රතිශතයකින් සෙංගමාල වයිරසය ව්‍යාප්තව පවතින බවත් මාත්‍රා තුනකින් සමන්විත සෙංගමාලය “බී” සඳහා වන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ, විද්වත් අදහස් මත උපතේදී ලබාදෙන මාත්‍රාවද ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් රාජිත සේනාරත්න ඇමැතිවරයා පැවැසීය.

රුධිර සාම්පලවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තරකිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා කර ඇති බව පෙන්වාදුන් ඇමැතිවරයා සෙංගමාලය “බී” පරීක්ෂා කිරීම පිණිස රුධිර පරීක්ෂණාගාර රට පුරා ස්ථාපිත කර ඇතැයිද කීවේය.

ශ්‍රී ලංකාව වත්මන් පාලනය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබාගත් ජයග්‍රහණ ගැනද ඇමැතිවරයා එම සමුළුවේදී දීර්ඝ විස්තරයක් කළේය.

කාලගුණික විපර්යාස හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් කාර්යාලයීය සෞඛ්‍ය බලධාරීන් ඒ ගැන අවධානය යොමුකළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.