Google සමාගමේ සේවය කල ඉහලපෙලේ තාක්ෂණ නිළධාරියෙකු වූ John Giannandrea ඉදිරියේදී ඇපල් සමාගම සමග සම්භන්ධ වීමට තීරණය කර තිබෙනවා.
2010 සිට මේ වන තෙක්ම John Giannandrea විසින් Google හී AI ( artificial intelligence) පද්ධතිය දියුණු කිරීමට පෙරමුණ ගෙන ක්රියා කර තිබෙනවා.
ඇපල් සමාගමේ AI පද්ධතිය සහ ‘Siri’ App එක වැඩිදියුණු කිරීමට ඔහු ඉදිරියේදී ඇපල් සමාගම සමඟ එක්වනු ඇති බව New York Times පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
2011 දී ඇපල් දුරකතනය හඳුන්වාදුන් සිරී ඇප් එකට වඩ ඉක්මනින් Google , Amozon වැනි සමාගම විසින් වැඩිදුයුණු කල AI පද්ධතින් විසින් වෙළඳපොළ මේ වන විට ආක්රමණය කර තිබෙනවා.
හැබැයි John Giannandrea ගේ සේවය ලබා ගැනීමට ඇපල් සමාගම ඔහුට කොපමණ මුදලක් ගෙවනවද කියලා තවම අනාවරණය කරලා නැහැ.