Home Hollywood Heather Locklear අත්අඩංගුවට – Photos

Heather Locklear අත්අඩංගුවට – Photos

194
0

Heather Locklear ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් දැක පුරුදු නිළියක්. මෙරට විකාශය ව‍ූ ‘මෙල්රෝස් ප්ලේස්’ සහ ‘ඩිනස්ටි’ වැනි ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කළ මේ සුරූපී නිළියගේ පෞද්ගලික ජීවිතය ගැටුම්වලින් පිරුණු එකක් බවට පත්වෙලා.

පසුගියදා ඇය පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ, ඇගේ නිවස තුළ සිදුවූ දබරයක් සන්සිදුවීමට ගිය පොලිස් නිලධාරියකුට ඇය පහර දීම නිසයි.

අත්අඩංගුවට පත්වූ Heather Locklear, ප්‍රාදේශීය අධිකරණයක් වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී ඩොලර් 20,000 ක ඇපයක් මත ඇයව නිදහස් කෙරුණා.

දැනට 56 වැනි වියෙහි පසුවන, 20 හැවිරිදි දියණියකගේ මවක ද වන මේ හොලිවුඩ් තරුව වසර කිහිපය තුළ වරින් වර ආතතියෙන් පෙළෙමින් සිටි බවත් ඒ නිසාම ඇයට පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රැඳී සිටීමට සිදුවූ බවත් පැවසෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.