Home Hollywood “Home Alone” දරුවාගේ වේදනාබර ඇත්ත

“Home Alone” දරුවාගේ වේදනාබර ඇත්ත

163
0

Macaulay Culkin ගැන කතා කරද්දී නිතැතින් ම මතකයට නැගෙන්නේ ඔහු ළමා අවධියේ රඟපෑ ‘Home Alone’ චිත්‍රපටයයි.

ඒ චිත්‍රපටයේ රංගනයෙන් මුළු ලොවම රසික ජනතාවගේ ප්‍රසාදය දිනා ගන්නට එකළ ඒ ළමා ශිල්පියා සමත් වුණත් ඔහු ගේ සැබෑ ළමා කාලය නම් සතුටින් ගත වී නැහැ.

ඒ බව හෙළිවන්නේ පසුගියදා ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් නිසයි. Macaulay Culkin පවසා ඇත්තේ කුඩා අවධියේදී ඔහුගේ පියා ඔහුට වධ හිංසා පැමිණ වූ බවයි. පියා (Kit Culkin) ගේ හිරිහැර හේතුවෙන් තමන් කායිකව සහ මානසිකව දැඩි පීඩාවකට ලක්වූයේ යැයිද මැක්‍යුලේ පවසා තිබෙනවා. තමන් හොලිවුඩ්පුරයෙන් ‍ඉවත්ව ගියේ ඒ නිසා යැයි ද ඔහු හෙළිකර තිබෙනවා.

“තාත්තා මට ඊර්ෂ්‍යා කළා. එයා මට හරියට පහර දුන්නා. මානසිකවත්, කායිකවත්. මට තාමත් පෙන්නන්න පුළුවන් මගේ ඇඟේ තියෙන කැලැල්.” දැනට 37 වැනි වියෙහි පසුවන Macaulay Culkin එලෙස තම වේදනාබර හැඟුම් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඔහු නගන මේ චෝදනාවලට ඔහුගේ පියා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here