Home Rasa Cricket K.L Rahul ගේ පිත්තෙන් සුද්දන්ව මෙල්ල කරමින් ඉන්දියාව ලැබූ සුපිරි ජයග්‍රහණය.

K.L Rahul ගේ පිත්තෙන් සුද්දන්ව මෙල්ල කරමින් ඉන්දියාව ලැබූ සුපිරි ජයග්‍රහණය.

172
0

තරඟ තුනකින් සමන්විත ඉන්දියා – එංගලන්ත T-20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඊයේ Manchester හිදී පැවැත්වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ එංගලන්ත කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 159 ක් රැස් කර ගත්තා.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ JS Buttler වේගවත් ලකුණු 69 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහර 02 ක් සහ හතරේ පහර 08 ක් ඇතුලත්.

සුපිරි පන්දු යැවීමක නිරත් වූ Kuldeep Yadav ලකුණු 24 කට කඩුලු 05 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දීය කණ්ඩායම කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රහාහී ඉලක්කය පසුකර ගියා. ඉන්දීය ඉනිම වර්ණවත් කරමින් KL Rahul නොදැවී ලකුණු 101 ක් ලබා ගත්තා . ඔහුගේ ඉනිමට හයේ පහර 05 ක් සහ හතරේ පහර 10 ක් ඇතුලත්.

මෙම තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණයත් සමඟ 1-0 ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

දෙරට අතර මීලඟ ටී – 20 තරඟය ලබන 06 වනදා Cardiff හිදී පැවැත් වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.