Home Bollywood Taimur ගේ නමට ලෙඩ දාන කරීනාගේ නෑදෑයෝ

Taimur ගේ නමට ලෙඩ දාන කරීනාගේ නෑදෑයෝ

295
0

සායිෆ්-කරීනා යුවළගේ කුලුඳුල් පුතු Taimur Ali Khan මේ දවස්වල බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන.

මේ දවස්වල සායිෆ්-කරීනාගේ පුංචි කුමාරයාගේ ඡායාරූපත් අන්තර්ජාලයේ සැරිසරනවා. රෝහලෙන් පිටව නිවෙසට යන විට පළමුවැනි වරට සායිෆ්-කරීනා යුවළ මාධ්‍යවල පෙනී හිටියේ පුංචි පුතා එක්ක.

පුංචි පුතා පපුවට තුරුලු කරගෙන සිටි සායිෆ් පිය පදවිය ලැබීමෙන් ඉමහත් සතුටින් සිටින බව ඡායාරූපවලින් දැකගන්නට ලැබුණා.

මේත් එක්කම මේ පුංචි බිලිදාට තබනු ලැබු Taimur Ali Khan ද නමත් බොහෝ දෙනාගේ විවේචනයටත් ලක්වුණා.

කරීනාගේ ඥාති මාමණ්ඩියක වන රිෂි කපූර් සිය මුනුපුරාගේ නම ගැන එතරම් සතුටුදායි අදහසක් පළ කළේ නැහැ.

මෙයට හේතුව 1398දී මිනිසුන් ඝාතනය කළ ඉන්දීය රජු Turco Mongol conqueror ව Timur යන නමින් හැඳින්වූ නිසායි.

ඒත් ඒ කතාව සායිෆ්-කරීනා යුවළ නම් ප්‍රතික්ෂේප කරනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.