Home Bollywood Tamannaahට සපත්තු ප්‍රහාරයක්

Tamannaahට සපත්තු ප්‍රහාරයක්

129
0

Tamannaah Bhatia 2005 දී බොලිවුඩ් සිනමාවට එක්වූ යොවුන් නිළියක්. එකල ඇය 15 වියැති යුවතියකව සිටිද්දී ‘Chand Sa Roshan Chehra’ නම් වූ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා.

මේ වන විට 29 වැනි වියෙහි පසුවන Tamannaahට පසුගියදා ස්වර්ණාභරණ වෙළෙඳසලක් විවෘත කිරීමට‍ ඇරයුමක් ලැබුණා. විවෘත කරන වේලාවට පැමිණි මේ සුරූපිනිය, ඒ වැඩකටයුතු වලට සහභාගී වී වෙළෙඳ සලෙන් පිටතට පැමිණියේ තම නිවෙස බලා යන්න හිතාගෙන.

ඒත් ඇයට සිදුවුණේ අනපේක්ෂිත දෙයක්. ඇය දෙසට විදුලි වේගයෙන් හඹා ආවේ සපත්තුවක්! වට පිට බලද්දී ඇය දුටුවේ කිසියම් පුද්ගලයකු තමන්ට සපත්තුවකින් පහර දී පැන යන්නට උත්සාහ කරන බවයි. සපත්තු පහරින් වැළකෙන්නට ඇයට හැකි වුණා. ඒ මොහොතේ ම ක්‍රියාත්මක වූ ඒ අසල රැඳී සිටි පොලිස් නිලධාරියකු සපත්තුවෙන් දමා ගැසූ පුද්ගලයාව අල්ලා ගත්තා. ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ 31 වියෙහි පසුවන ඔහු තාක්ෂණ විද්‍යා උපාධිධාරියකු බවයි.

පොලිස් අත්අඩංගුවට පත්වූ නාරායන්ගුඩා පොලිස් ස්ථානයට රැගෙන ගියා. එහි ස්ථානාධිපති බී. රවින්දර් පැවසුවේ පහර දීමට හේතුව වී ඇත්තේ Tamannaah විසින් මෑතකදී රඟපෑ චරිත මේ පුද්ගලයා ගේ නොසතුටට ලක්වී ඇති බවයි.

Tamannaah මෑතකදී රඟපෑවේ “Baahubali: The Beginning” සහ “Baahubali 2: The Conclusion’ යන චිත්‍රපටවලයි.

තෙලිඟු සහ දමිළ චිත්‍රපටවල ද රඟපා ඇති Tamannaah, දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම මුදලක් අය කරන නිළියන් කිහිප දෙනාගෙන් එක් අයෙක්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here