Home Hollywood ‘The Post’ තහනමට

‘The Post’ තහනමට

211
0

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ Steven Spielberg නිර්මාණය කළ අලුත්ම චිත්‍රපටය, ‘The Post’. මේ සිනමා කෘතිය ලෙබනන රජය මඟින් එරට තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලද බවයි වාර්තා වෙන්නේ.

70’ දශකය පසුබිම් කරමින් නිර්මාණය වූ ‘The Post’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ වියට්නාම් යුද සමයට අදාළ තොරතුරු හෙළිකරන ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතෙහි මාධ්‍යවේදියකුගේ අත්දැකීම්.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ Meryl Streep සහ ටොම් Tom Hanks ඇතුළු ප්‍රවීණ නළු නිළි පිරිසක්. ‘The Post’ චිත්‍රපටය පසුගිය 18 දා සිට ලෙබනනය තුළ තිරගත කිරීමට නියමිතව තිබුණා. අරාබි රටවල් අතරින් ලෙබනනය සැලකෙන්නේ මාධ්‍යයට සහ කලා නිර්මාණවලට ඉඩ ලබාදෙන රටක් හැටියටයි.‍

නමුත්, අනාචාරයට විවෘත වන අදහස් සහිත මෙන්ම ඊශ්‍රායලයට සහය දක්වන අදහස් ජනිත කෙරෙන චිත්‍රපට එරට තුළ තිරගත කිරීම නිතරම තහනමට ලක්වෙනවා.

පසුගිය වසරේ තවත් ජනප්‍රිය චිත්‍රපටයක් ලෙබනනය තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කෙරුණා.

ඒ, ‘Wonder Women’ චිත්‍රපටයයි. තහනමට හේතු වූයේ එහි ප්‍රධාන නිළිය වන ගාල් ගැඩොට් වසර 2 ක කාලයක් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවෙහි සේවය කර තිබීමයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.